විරෝධතා හමුවේ නගර සභාව පසුබසී.

             ඉතාලියේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා පටන් විදේශිකයින්ට උදාවූයේ නරක කලදසාවකි. ඊට ප‍්‍රධාන හේතුව ආණ්ඩුවේ සංයුතිය තුල ධනවාදීන් සමග ජාතිවාදීන් සහ ෆැසිස්ට් වාදීන් බලවත් වීමයි. එයින් වැඩියෙන්ම බැටකන්නේ ඉතාලිය තුල ජීවත් වන අසරණම කොටස වූ විදේශිකයින්. කෙසේ වෙතත් ආණ්ඩුවේ සියළු උත්සහයන් ඒ ආකාරයෙන්ම ඉටු කරගන්නට මේ දක්වාම ඔවුන්ට අවස්ථාව හිමිවී නැත. ඊට හේතුව සංවිධානගත විදේශිකයින් සහ විදේශිකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයන්ගේ ශක්තියයි. ජාතික තලයේදී හා ප‍්‍රාදේශීයව ආණ්ඩුව විසින් සම්මත කර ක‍්‍රියාත්මක කරන්නට උත්සහ කරණ සියළු නීති ඒ අයුරින්ම ක‍්‍රියාත්මක කිරීම වලක්වා ගන්නට එම බලවේග සමත්වී සිටී.
                           පසුගිය කාලයේ බ්‍රෙෂියා නගර සභාවට තේරීපත්වූ ජාතිවාදීන් ඉතා අසාධාරණ නීති පනවමින් විවිධ හිරිහැර කිරීම ඇරඹූ අතර ඊට එරෙහිව අප නිරන්තර අරගලයක නිරතවී සිටින්නෙමු. විදේශිකයිට එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ග අතර ජාතිවාදී ලෙස පැනවූ නීති කීපයක්ම පරාජය කරන්නටද අප සමත්වීමු. 2008 වසරේ බ්‍රෙෂියා නගර සභා බලප‍්‍රදේශය තුල ඉපදුන දරුවන් වෙනුවෙන් යුරෝ 1,000ක ප‍්‍රසාද දීමනාවක් දීමට නගර සභාව යෝජනා කල අතර ඔවුන්ගේ තීරණය වූයේ ඉතාලි දෙමාපියන්ගේ දරුවන්ට පමණක් එය ලබාදීමටය. මෙම අතිශය ජාතිවාදී ක‍්‍රියාවට එරෙහිවූ සංවිධාන රාශියක් ඊට විරුද්ධව අරගලයට පිවිසි අතර විරෝධතා උද්ඝෝෂණ ඉක්මවා ගොස් අධිකරණය හමුවටද එය ගෙන යන ලදී. එහිදී ශ‍්‍රී ලාංකිකයින් නියෝජනය කරමින් ඉතාලි ශී‍්‍ර ලංකා සහයෝගිතා සංවිධානයේ අප එම කටයුත්තට මුල්වූ අතර ඒ වෙනුවෙන් ඉදිරිපත්වූ සියල්ලන්ට අපේ ප‍්‍රනාමය පුද කරමු. පලමු අවස්ථාවේදීම උසාවියේ තීන්දුව වූයේ සියල්ලන්ටම එය ලබාදෙන ලෙසයි. එහෙත් නගරසභා පාලකයින් එයට පිටුපා ඊට එරෙහිවද උසාවි ක‍්‍රියාමාර්ග ගත් අතර එය තවදුරටත් විභාග වෙමින් තිබේ. ඒ අතර නගරසභා තීරණය අභියෝගයට ලක් කරමින් පරිත්‍යාග ලෙස මුදල් එකතුකල සංවිධාන සුදුසුකම් ඇති දෙමාපියන්ට යුරෝ 1,000 බැගින් පසුගිය සති දෙකකට පෙර බෙදා දෙන ලදී.
                                    ඒ අනුව පසුගිය නොවැ. 02 දින වන විට නගර සභාවටද තම තීරණය වෙනස් කරගැනීමට සිදුවූ අතර විදේශීය දරුවන්ද ඇතුලූව 1,067 ක්වු සුදුසුකම් ලැබූ සියල්ලන්ටම ප‍්‍රසාද දීමනාව ගෙවන්නට තීරණය විය. ඒ අතර ඉතාලි දරුවන් 675 ක් සහ විදේශීය දරුවන් 392 ක් සිටී. ඒ අනුව ලැබෙන්නට තිබූ යුරෝ 1,000ක් වෙනුවට සංවිධානයන්ගේ පරිත්‍යාගයෙන් යුරෝ 1000කුත් නගර සභාවෙන් යුරෝ 1,000කුත් ලෙස යුරෝ 2,000ක්ම හිමිකරගන්නට එම පවුල්වලට අවස්ථාව උදා විය. ඒ අනුව අවසානයේ අප ජය ගන්නට සමත්වූ අතර ඔවුන්ගේ ජාතිවාදී උත්සහය පරාජය විය. එහෙත් ඒ වෙනුවෙන් ගොනුකල නඩුව ඉදිරියට විභාග වන අතර ඉන් ජය ලැබීමද අපේ අරමුණයි. කෙසේ වෙතත් මේ අමානුෂික උත්සහයේදී නගරසභා පාලකයින් විදේශිකයින් හමුවේ පරාජය වූවාට අමතරව නඩු ගාස්තු ලෙස දැනටමත් යුරෝ 12,000කට වඩා නිකරුණේ වැය කරමින් මුදල් පාඩුවක්ද සිදුකරගන්නට විය.
                                                            අපගේ ඊළඟ ජයග‍්‍රහණය වුයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත්කර ගැනීමට හැකිවීමයි. ක‍්‍රිකට් ඇලජික් වූ නගර සභාව ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට මෙතෙක් භාවිතා කල විවෘත උද්‍යානයන්හි ක‍්‍රීඩා කිරීම, තණකොල මත වාඩිවීම, කෑම බීම ගැනීම තහනම් කල අතර, ඒවාට දඩ ගැසීමද ආරම්භ කරණ ලදී. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට තැනක් නොදීමත්, අසාධාරණ ලෙස දඩ ගැසීමටත් විරුද්ධව අරගල කල අතර, පසුගිය සිකුරාදා නගරසභා රැස්වීම අවස්ථාවේ ඊට බාධා කරමින් පැවැත්වූ විරෝධය දක්වාම එය සිදුවිය. එහිදී ඊට පසුදාම උප නගරාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාවක් ලබා දීමට ඔවුන්ට සිදුවිය. පසුදා එනම් ඔක්. 31 සෙනසුරාදා එම හමුවට මේ වෙනුවෙන් පෙනී සිටි ඉතාලි ජාතික සංවිධාන නියෝජිතයින්ට අමතර පාකිස්ථානය, බංග්ලාදේශය හා ඉන්දියාව වෙනුවෙන් එම රටවල නියෝජිතයින්ද, ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් අප සංවිධානයේ සොයුරන්ද සහභාගි විය. එම හමුවේදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සුදුසු ස්ථාන 3 ක් වහාම ලබා දෙන්නටත්, මෙතෙක් පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමටත්, මෙතෙක් පැනවූ දඩ අහෝසි කිරීමටත් එකඟවූ අතර මින් ඉදිරියට ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් මුදල් වෙන්කිරීමටද පොරොන්දු විය. මෙසේ මෙම ජයග‍්‍රහණය ලැබීමට දායකවූ සියළු සංවිධාන වලට අපේ ප‍්‍රණාමය පුදකරණ අතර, අප සංවිධාන නියෝජිතයින් හැර ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නියැලෙන අනෙකුත් ශී‍්‍ර ලාංකීය කණ්ඩායම් වලින් කිසිවකු ඉදිරිපත් නොවීමද පිළිකුලෙන් යුතුව සටහන් කර තබමු. තවද මෙවන් ජයග‍්‍රහණ ලැබීමට අපට හැකියාව ලැබුනේ විදේශිකයින් ලෙස ප‍්‍රබලව සංවිධානය වීමෙන් හා සෙසු සංවිධාන සමග සහයෝගයෙන් එකමුතුව වැඩකිරීම තුලින් බව මතක් කරන අතරම, අනෙකුත් නගරයන්හි ශී‍්‍ර ලාංකිකයින් ඇතුලූ සැමටද සංවිධානය වීමේ අවශ්‍යතාවය අවධාරණය කරමු.

 
 
 
Regolarizzazione colf e Badanti Fallito .. ???

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශිකයින් නීත්‍යානුකුල කිරීමේ නීති ක්‍රියාවලිය අ-සාර්ථක ලෙස අවසන්..

 ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සනාත වේ.

2009 සැප්තැම්බර් 1 සිට 30 දක්වා ඉතාලියේ සිදුකල ගෘහ සහ උපස්ථාන සේවකයින් නීතිගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ අතර ආරම්භයේදී පිළිබඳ අදාල බලධාරීන් ඉදිරිපත් කල ඉලක්කයන් සියල්ල පුස්සක් බවට පත්කර ඇත. අප මුල සිටම මේ පිළිබඳව ඉදිරිපත් කල කරුණු සනාථ වී ඇති අතර සැබෑවටම ඉතාලියේ වීසා නොමැතිව වෙසෙන විදේශිකයින්ට වීසා ලබාදීමේ අරමුණක් මෙහි නොතිබීමම, මෙය බංකොලොත් ක‍්‍රියාවලියක් බවට පත්කිරීමට හේතුවූ බව අපේ මතයයි. ඉතාලි ආණ්ඩුව ප‍්‍රමුඛ අදාල අංශයන් වල ඉලක්කය වූයේ මේ සඳහා ලක්ෂ 5ත් 7ත් අතර ඉල්ලූම්පත් ලැබෙනු ඇති බවයි. එහෙත් සැප්. 30 වන විට ලැබී තිබූ සම්පූර්ණ ඉල්ලූම්පත් සංඛ්‍යාව වුයේ 2,95,000කි. මේ අනුව මෙය අසාර්ථක වුවක් බව කාටත් පැහැදිලිය. කෙසේ වෙතත් සඳහා පනවා තිබූ කොන්දේසි බොහොමයක් සමපූර්ණ කිරීමට සාමාන්‍ය පවුල්වල අයට නොහැකිවීම ඊට හේතුවයි. ආර්ථික අර්බුදය වැනි ප‍්‍රායෝගික හේතු මෙන්ම රජයට ගෙවන්නට සිදුවන බදු ආදිය ගැන ජනතාව දැක්වූ බියද මෙයට ඉදිරිපත් නොවන්නට වූ හේතු අතර වියකෙසේ වෙතත් ඉල්ලූම්පත් ඉදිරිපත් කල බොහෝ දෙනෙකුට සඳහා යුරෝ 3,000 සිට 7,000ක් අතර මුදලක් තැරැවුකරුවන්ට ගෙවන්නට සිදුවු අතර, ඇත්තටම රැකියා කරන අයට පවා ස්වාමියා විසින් කලින් ගෙවන්නට නියම වූ යුරෝ 500 මුදලද සේවකයාටම ගෙවන්නට සිදුවී තිබුනි. බලාපොරොත්තු ආකාරයේ ප්‍රමාණයක් ඉල්ලූම් පත් නොලැබීම හේතුවෙන් සැලසුම් කල කාලයට පෙර නීතිගත කිරීමේ කටයුතු අවසන් කිරීමට හැකිබව අදාල බලධාරීන් ප‍්‍රකාෂ කර සිටී. සැප්තැම්බර් මාසය තුල ෆ්ලූස්සි නීතිය යටතේ වීසා නිකුත් කිරීම හා ෆැමිලි වීසා නිකුත් කිරීම ප‍්‍රමාද කර තිබූ අතර, මේ අනුව එම කටයුතුද ඉක්මන් කිරීමට හැකිවෙතැයි ඔවුන්ගේ මතයයි.

ශී‍්‍ර ලංකා විදේශ ඇමතිවරයා මෙම නීතිගත කිරීම හඳුන්වාදී තිබුනේ ඔවුන්ගේ මැදිහත්වීමෙන් ලැබූ ජයග‍්‍රහණයක් ලෙසට හා එයින් ශී‍්‍ර ලාංකිකයින් 40,000කට පමණ වීසා ලබා ගැනීමේ අවස්ථාව උදාවන බවයි. විදේශ ගමන් බලපත් ඉල්ලූම් පත්  එපමණ ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට ලැබෙනු ඇතැයිද, වෙනුවෙන් සේවා සැපයීමට දිවා රාත‍්‍රී සේවාවක් ආරම්භ කර ඇති බවද ප‍්‍රකා කර තිබුනිමෙය වැරදි ප‍්‍රකාෂයක් බවත්, අනුන්ගේ සීනි තමන්ගේ සේ විකිණීමට දැරූ උත්සහයක් බවත් අප ප‍්‍රකා කල අතර එය එසේ බව දැන් ඔප්පු වී හමාරය. කෙසේ වෙතත්  කොපමණ විදේශ ගමන් බලපත් සංඛ්‍යාවක් නිකුත් කලේද යන්න නිල වශයෙන් දැන ගැනීමට අප උත්සහ කලත්, තානාපති තුමා විසින් එම තොරතුරු කිසිවකුට ලබා නොදෙන ලෙස තමන්ට උපදෙස් දී ඇතැයි එහි නිලධාරී මහතකුගේ පිලිතුර විය. නිල නොලත් ආරංචි වලට අනුව එම කාලය තුල ඉල්ලූම් කර ඇති මුලූ ගනන 4,770 පමණ බව දැනගන්නට ඇත. මේ අනුව විදේශ ඇමතිවරයා  ප‍්‍රකාෂ කල එක් දෙයක් තහවුරු වී ඇත. එනම් ඔහු පැවසුවේ හාරදහසේ සිට හතලිස් දහස දක්වා ප‍්‍රමාණයකට මින් අවස්ථාව ලැබෙන බවයි. අනුව මේ ගනන නිවැරදි සහ අති දක්ෂ ලෙස කල ගනනය කිරීමක් බවද තහවුරු වේ. අඳෝමැයි..!!! 

තව තවත් මෙවන් විදේශ ඇමතිවරු සහ තානාපති වරු ලැබීමට අප වාසනාවන්ත වේවායි අප අපටම ප‍්‍රාර්ථනා කර ගනිමු.

 

 ඉතාලිය තුල ගෘහ සහ උපස්ථාන සේවකයින් නීතිගත කිරීම ඇරඹේ
සැප්තැම්බර් 01 සිට 30දක්වා කාලය තුල ගෘහ සහ උපස්ථාන සේවයේ යෙදී සිටින අය නීතිගත කිරීම ඉතාලි රජය ආරම්භ කර තිබෙන අතර අගෝස්තු 21 සිට ඊට අදාල යුරෝ 500ක මුදල ගෙවීමේ ඉඩකඩ විවර කර ඇත. මේ අවස්ථාව සැප්. 30 දක්වාම සිදුකල හැක. ඉල්ලූම්පත් යොමු කිරීම අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අතර එය පුද්ගලික පරිඝණකයෙන් තමන්ටම හෝ සේවා සපයන වෘතීය සමිති ආයතනයන්ගෙන් නොමිලේ  ...
READ MORE..

ඉතාලියේ රැදී සිටීමේ නිත්‍යානූකූල අවසර - Regolarizzazione Colf e Badanti

ඉතාලියේ රැදී සිටීමේ නිත්‍යානූකූල අවසර පත් නැති විදේශිකයන් ගෘහ සහ උපස්ථාන සේවයේ යොදාගෙන තිබේනම් එසේ නීති විරෝධී සේවකයින් නීතිගත කිරීමේ අවස්ථාවක් එම ස්වාමීන්ට ලබාදීමට ඉතාලි ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ...

READ MORE..

   ආරක්ෂාව සදහා නීති සංශෝධනය - Legge Sicurezza

 ඉතාලිය තුල නීති විරෝධීව රැදී සිටින විදේශිකයින් අපරාධකරුවන් බවට සලකන අපරාධ නීතිය යටතේ දඩුවම් දීමට හැකි අයුරින් නව නීති ඉදිරිපත් කිරීමත් ඊට අමතරව දැනටමත් නීතියානුකූලව ඉතාලියේ රැදී සිටින්නන් වෙනුවෙන් නව නීති ගෙන ඒමත් මේ මගින් සිදු කර ඇත.
එය ඉතාලියතුල රැදී සිටින වීසා ඇති නැති අලූත් පරණ කාටත් එකසේ බලපාන කාටත් එකසේ පීඩා ගෙන දෙන්නක් වන අතර ඉන් සිදුවන නව වෙනස්වීම් මොනවාද යන්න ඔබ දැනුවත් කිරීම...
READ MORE..

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් නීත්‍යානුකූල කිරීමේ නීති සම්මතයි.    [  Regolarizzazione colf e Badanti  ]

ගෘහ සහ උපස්ථාන සේවකයින් නීතිගත කිරීම

ඉතාලි මාර්ලිමේන්තුව සම්මත කර සෙනෙට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කල ගෘහ සහ උපස්ථාන සේවකයින් නීතිගත කිරීම සඳහා වූ යෝජනාවලිය 2009 අගෝස්තු මස 1 දින සෙනෙට් මණ්ඩලයේ ඡුන්ද විමසීමට ලක්කල අතර එහිදී ඊට පක්ෂව ඡුන්ද 166ක්ද විපක්ෂව ඡුන්ද 109ක්ද ලැබුනු අතර ඒ අනුව කිසිදු සංසෝධනයකින් තොරව වැඩි ඡුන්ද 57කින් එය සම්මත විය එහි අවසන් පියවර ලෙස ජනාධිපති වරයාගේ අත්සන සහිත අනුමැතියට යොමුකර ඇති එයට ඔහුගේ අත්සන සහිත අනුමැතිය ලැබු පසුව නීතියක් ලෙස ක‍්‍රියාත්මක වනු ඇත.

සැලකිල්ලට ගතයුතු විශේෂ කාරණා

  • ඉල්ලූම් කරු ඉතාලි හෝ යුරෝපා හවුලේ පුරවැසියකු නම් අදාල ඉල්ලූම් පත් ඉන්ප්ස් INPS ආයතනයට යොමුකිරීම හා ඊට අනුව කොන්ත‍්‍රාත්තෝ දි සර්ජෝර්නෝව අත්සන් කල පසු අදාල ලිපි ලේඛණ තැපැල් කිරීමත් සාමාන්‍ය ක‍්‍රමයට සර්ජෝර්නෝව ඉල්ලූම් කිරීමත් කල යුතුවේ ඉන් බාහිර කාර්ත දි සර්ජෝර්නෝව සහිත විදේශීය පුරවැසියකු නම් අන්තර් ජාලය ඔස්සේ අදාල පලාතේ ප්‍රෙෆෙත්තූර ආයතනයට අනුබද්ධ ස්පොර්තෙල්ලෝ යුනිකෝ ආයතනය වෙත ඉල්ලූම් පත් යොමුකල යුතු වන අතර එම ආයතනය විසින් දැනුම් දුන් විටෙක මුලික ලේඛණ ඉදිරිපත් කිරීම හා කොන්ත‍්‍රත්තෝ දි සර්ජෝර්නෝව අත්සන් කිරීම කල යුතුය එතැන් සිට පැය 24ක් ඇතුලත ඔහු හෝ ඇය සේවයේ පිහිටුවීම පිළිබද ඉන්ප්ස් INPS ආයතනය දැනුවත් කල යුතුය ඉන් පසු අදාල ලිපි ලේඛණ තැපැල් කිරීමත් සාමාන්‍ය ක‍්‍රමයට සර්ජෝර්නෝව ඉල්ලූම් කිරීමත් කල යුතුවේ
  • එක් පවුලකට එක් ගෘහ සේවකයකු හා උපස්ථාන සේවකයින් දෙදෙනෙකු සඳහා ඉල්ලූම් පත් ඉදිරිපත් කල හැකිය එක් ගෘහ සේවකයෙකු වෙනුවෙන් ඉල්ලූම් කරුගේ වාර්ෂික ආදායම අවම යුරෝ 20000ක් විය යුතු අතර පවුලේ ආදායම් ලබන්නා එක් අයෙකුට වඩා වැඩිනම් අවම ආදායම යුරෝ 25000ක් විය යුතුය
  • උපස්ථාන සේවකයින් සඳහා ආදායම් සීමාවක් දක්වා නැති අතර එහිදී ආබාධිත හෝ ඔත්පල පුද්ගලයා පිළිබඳ වෛද්‍ය සහතිකය අනිවාර්යය වේ අවශ්‍ය සේවකයින් ගනන තීරණය කරණු ලබන්නේද වෛද්‍ය වරයා විසිනි.
  • උපස්ථාන සේවකයින් ඉල්ලූම් කිරීමේදී එම සේවා ලබන පුද්ගලයාට හෝ ඔහු හෝ ඇය වෙනුවෙන් ඔවුන් සමග වාසය නොකරන ඔවුන්ගේ පවුලේ වෙනත් අයෙකුට ඉල්ලූම් කල හැකිය.

අවශ්‍ය උපදෙස් හෝ උපකාර සඳහා අපෙන් විමසන්න radiovivara@yahoo.com

ආරක්ෂාව සඳහා නීති පැකේජය  [ Pacchetto di Sicurezza ]

ආරක්ෂාව සඳහා නීති පැකේජය පාර්ලිමේන්තුවෙන් සහ සෙනෙට් මණ්ඩලයෙන් සම්මත කර ජනාධිපතිවරයාගේ අත්සත සහිත අනුමැතියට යොමුකර තිබුනු අතර මේ වන විට ඔහුගේ අත්සන ඊට ලැබී ඇති බවත් 2009 අගෝස්තු මස 2වන දින වන විට එහි ගැසට් නිවේදනය නිකුත් කරන්නට සූදානම්වන බවත් අපගේ ආරංචි මාර්ග වාර්තා කරයි තවද එසේ ගැසට් නිවේදනය නිකුත් කල දින සිට දවස් 15කින් පසුව එම නීතිය බලාත්මක වේ ඒ අනුව එතැන් සිට ඉතාලියේ ජීවත්වන විදේශිකයින්ට අලූත් තත්වයන් රාශියකට මුහුණදීමට සිදුවන අතර අලූතින් ඉතාලියට පැමිණි අයටද තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවාදැමූ පැරණි විදේශිකයිටද මෙම නීති එකසේ බලපාන අතර විශේෂයෙන්ම අනාරක්ෂිත බව සහ කොයි මොහොතේ ඉතාලියෙන් පිටුවහල් වීමට සිදුවේද යන දෙගෙඩියාවෙන් ජීවත්වීමේ අසහනකාරී තත්වයන්ටද මුහුණ දීමට සිදුවනු ඇත මේ සියල්ලන්ට හේතුව ලෝක තත්වයන් වෙනස්වීම නොව පටු ආත්මාර්තකාමී දේශපාලන මැදිහත්වීම් පමණක් බවත් ඒවා ඉවසා වදාරනවාට වඩා ඊට එරෙහිව අරගල කිරීම පීඩනයන්ගෙන් මිදීමේ මග වනු අති බවත් අවධාරණය කරමු.