|
ශී‍්‍ර ලාංකීය දරුවන්
වෙනුවෙන් 2002 වසරේදී ආරම්භ වූ විවර ළමා පාසල
පිහිටා තිබෙන්නේ ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ. එම
පලාතේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ගොඩනැගු එහි සංවිධාන
ව්‍යුහය උපදේශන සභාව, විධායක කමිටුව හා ගුරු
මණ්ඩලය ලෙස සකස්වී ඇත. එයට දෙමාපියන් හා සිසු
දරුවන් එක්වූ විට අංග සම්පූර්ණ පාසලක් බවට
පරිවර්ථණය වූ අතර මෙවන් කටයුත්තකට අපව පෙළඹවූයේ ඒ
වන විට මේ සමාජය තුල සිදුවෙමින් තිබූ අප දුටු
අමිහිරි අත්දැකීම් සමුදායකි. එනම් වල්මත්වූ ගැටවර
පිරිසක්, දුකට, බියට හා තම දරුවන්ගේ අනාගතය පිළිබඳ
දෙගෙඩියාවට පත්වූ දෙමාපිය පිරිසක් හා දෙමාපිය,
ද
දරු සබඳතා දුරස්වූ ලාංකීය පිරිසකි. එයට පිළියමක්
සොයන්නට වෙහෙසවූ අපට හමුවූ පිළිතුර වුයේ විවර ළමා
පාසලයි. ඒ සඳහා අපට ධෛර්යය හා මග පෙන්වීම ලබා
දුන්නේ ඒ වන විටත් තව බොහෝ කාර්යයන් සඳහා මග
පෙන්වූ ඉතාලි ශී‍්‍ර ලංකා සහයෝගිතා සංවිධානයයි.
එනම් සමාජ යහපත වෙනුවෙන් කැපවූ එවන් සමාජයක් ගොඩ
නගන්නට අධිශ්ඨානයෙන් ක‍්‍රියාකරණ මිනිසුන්ගේ
එකමුතුවෙන් සැදුනු සංවිධානයයි.
සංස්කෘතික, සමාජීය, දේශපාලන, ක‍්‍රීඩා සහ ආගමික
කටයුතු ඇතුලූ විවිධ අවස්ථාවන් සංවිධානය කිරීමට
අමතරව 1997 සිට අඛන්ඩව පවත්වාගෙන යන විවර ගුවන්
විදුලි විකාශයටත්, 2001 සිට අඛන්ඩව පවත්වාගෙන යන
විවර පුස්තකාලයටත්, 2002දී එක්වූ නවාංගය වූයේ විවර
ළමා පාසලයි.
අපගේ අරමුණ වූයේ අප සංස්කෘතියට හාත්පසින් වෙනස්,
බටහිර සංකර සංස්කෘතික පරිසරයක හැදී වැඩෙන, ශී‍්‍ර
ලාංකීය ¥ දරුවන් හට ඒ තුල දියවී, මුල් සිඳී ගිය
කොටසක් බවට පත්වීමට ඉඩ නොතබා, මේ සමාජයේ නන්නත්තාර
වන්නට ඉඩ නොතබා, තම අනන්‍යතාවය හඳුනා ගන්නටත් ඒ
තුල ශක්තිමත්ව ගොඩ නැගෙන්නටත් අවශ්‍ය අත්වැල්
සැපයීමයි. අප ජීවත් වන ඉතාලි සමාජයේ වෙසෙන අනෙකුත්
ජන කොටස් හා අප අතර ඇති වෙනස නිවැරදිව හඳුනාගැනීම
ඉතා වැදගත් වන අතර විශේෂයෙන් දරුවන් අතරදී ඔවුන්
දකින කළු, සුදු වෙනස විසින් ඇති කරණු ලබන සමාජ
පීඩනයට එඩිතරව මුහුණ දිය හැකි වන්නේ අප තුල වන
වෙනස හොඳින් අවබෝධ කර ගැනීමත්, අප පිළිබඳ අභිමානය
ගොඩ නගා ගැනීමත් තුලින් බවයි අපගේ විශ්වාසය. එය
ගොඩ නැගෙන්නේ ක‍්‍රමිකව අප රට, ජාතිය, ඊට අයත් මවු
භාෂාව, සංස්කෘතිය, සිරිත් විරිත්, ආගම දහම ගැන
අවබෝධයක් ලබා දීම විසිනි. ඒ මගින් හඳුනාගන්නා අපගේ
අනන්‍යතාවය තුලිනි. එම වගකීම ඉටුකිරීම විවර පාසලේ
අපගේ කාර්යභාර්ය වන අතර එමගින් තමන් ගැනත්, අන් අය
ගැනත් හොඳ අවබෝධයක් සහිත , ජාතිවාදී හැඟීම් වලින්
තොර, විවෘත මනසක් ඇති, මනා පෞර්ශත්වයකින් යුත්,
යහපත් සහ දක්ෂ ශී‍්‍ර ලාංකීය ¥ පුතුන් බවට ඔවුන්
පත් කිරීම අපේ අවසන් අරමුණයි. මතු දිනෙක ඔවුන්
ලෝකයේ කොතැනක ජීවත් වුවත් ශී‍්‍ර ලාංකීය අභිමානය
රැුකගත් නිර්මාණශීලී පුරවැසියන් වනු ඇතිය යන්න අපේ
ප‍්‍රාර්ථණයයි. ඒ වෙනුවෙන් අපමන ලෙස වෙහෙස වන
සියල්ලන්ට අපගේ ප‍්‍රණාමය.
උපදේශන සභාව වෙනුවෙන් දායකත්වය ලබාදුන්
විශ‍්‍රාමික විදුහල්පති බැසිල් ප‍්‍රනාන්දු මහතාට,
විශ‍්‍රාමික විදුහල්පති එච් ටී ද සිල්වා මහතාට,
ගරු මහගම විපුලසිරි ස්වාමින්වහන්සේට,
ගරු පියල් ප‍්‍රනාන්දු පියතුමාට,
පුහුණු ගුරු සේවයේ යෙදී සිටි අපට සහය දැක්වූ සැමට,
ගුරු පුහුණු වැඩසටහන් සඳහා සහභාගිවූ සියළු ගුරු
මහත්ම මහත්මීන් වෙත,
පාසලේ ආරම්භයේ සිට මේ දක්වා නොසැලී දැඩි කැපවීමෙන්
සේවය ලබාදෙන සියළුම ගුරු මහත්ම මහත්මීන් වෙත,
පාසලේ සහ තම දරුවන්ගේ දියුණුව වෙනුවෙන් පාසල වෙත
සහයෝගය ලබාදෙන සියළු දෙමාපියන් වෙත,
බාධක හමුවේ නොසැලී අධිශ්ඨානශීලීව ක‍්‍රියාකාරී
සහයෝගය ලබාදෙන අප සංවිධානයේ සියළු සොයුරු
සොයුරියන් වෙත,
අපගේ සියළු කටයුතු සඳහා අනුග‍්‍රහය දක්වන සියළු
ශී‍්‍ර ලාංකීය සහෘදයන් වෙත,
විවර ළමා පාසල බ්‍රෙෂියා
ඉතාලි ශී‍්‍ර ලංකා සහයෝගිතා සංවිධානය |
විවර නත්තල් උදානය
2010
|