|
|
 |
|
Regolarizzazione di Colf e Badanti
|
|
ඉතාලියේ රැදී සිටීමේ නිත්‍යානූකූල අවසර පත් නැති විදේශිකයන්
ගෘහ සහ උපස්ථාන සේවයේ යොදාගෙන තිබේනම්, එසේ නීති විරෝධී
සේවකයින් නීතිගත කිරීමේ අවස්ථාවක් එම ස්වාමීන්ට ලබාදීමට ඉතාලි
ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවලිය 2009 |
 |
මෙය 2009 ජුලි මස 24 වන දින ඉතාලි පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කල ආර්ථික අර්බුදයට එරෙහි නීති සංසෝධනයටම Decreto
Anticrisi ඇතුලත් කර ඉදිරිපත් කල අතර එයට පක්ෂව ඡුන්ද 294
ක්ද විරුද්ධව ඡුන්ද 186 ක්ද සහිතව සම්මත විය.
2009 ජුලි මස 27 වන සදුදා වනවිට ගෘහ සහ උපස්ථාන සේවාවල
නිරත අයට අමතරව වෙනත් අංශයන්හි රැකියා කරන්නන් සදහාද මෙවන්
අවස්ථාවක් ලබා දිය යුතු බවට විවිධ පාර්ෂවයන්ගෙන්
ඉදිරිපත්වී ඇති යෝජනා පිළිබද සාකච්ඡා කිරීමට නියමිතව ඇති
අතර ඒ අනුව අවසන් ඡන්ද විමසීම July 28 වන අගහරුවාදාට යෙදී
තිබේ. ඉන්පසු සෙනෙට් සභාවට ඉදිරිපත් කෙරෙන මෙය ජුලි 30 වන
විට පක්ෂ නායකයින් අතර සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත අතර
සෙනෙට් සභාවේ ඡන්ද විමසීම අගෝස්තු 1 දින හෝ වේලාව
ප‍්‍රමාණවත් නොවන්නේනම් අගෝස්තු 2 දින සිදුවනු ඇත.
|
එහි අඩංගු විශේෂ කරුණු
1
ඉතාලි පුරවැසියකු ඉතාලිය තුල රැදී සිටින යුරෝපා හවුලේ
පුරවැසියකු හෝ ඊට අයත් නොවන කාර්ත සර්ජෝර්නෝව හිමි විදේශීය
පුරවැසියන්ට මේ සදහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ඇත. 2009 ජුනි මස
30 දින වන විට අවම මාස 3 ක කාලයක් ඉතාලියේ රැදී සිටීමේ අවසරපත්
නොමැති කිසියම් විදේශිකයෙකු තමන් විසින් උපස්ථාන හෝ ගෘහ සේවයේ
යොදාගෙන ඇත්නම් ඔවුන් නීතිගත කිරීමේ අවස්ථාවක් එම ස්වාමීන්ට
ලැබේ.
2 ගෘහ
සේවය සදහා ඉල්ලූම් කල හැක්කේ එක් ස්වාමියෙකුට එක් සේවයෙකු
වෙනුවෙන් පමණක් වන අතර පවුලේ සාමාජිකයින් අතර ආබාධිත හෝ ඔතපල
අය සිටීනම් එවැනි අවස්ථාවක ඉල්ලූම්පත් දෙකක් ඉදිරිපත් කල
හැකිය. එහිදී ඒ බව තහවුරු කිරීමේ වෛද්‍ය සහතිකද ඉදිරිපත්කල
යුතුය. ඒ අනුව එක් ගෘහ සේවකයකු සහ උපස්ථාන සේවකයින් දෙදෙනෙකු
සදහා ඉල්ලූම් කල හැකිය.
3 ඉල්ලූම්
කරු තනි පුද්ගලයෙකු නම් ඔහු හෝ ඇයගේ වාර්ෂික ආදායම යුරෝ
20000කට නොඅඩු විය යුතු අතර එක් අයෙකුට වඩා වැඩි වන අවස්ථාවක
වාර්ෂික ආධායම යුරෝ 25000කට වඩා නොඅඩු විය යුතුය. ඒ අනුව එක්
අයෙකුගේ ආදායම ප‍්‍රමානවත් නොවන අවස්ථාවක එකට වාසය කරණ පවුලේ
සාමාජිකයින් කිහිප දෙනෙකුගේ ආදායම එකතුකල හැකිය. ආබාධිත හෝ
ඔත්පල අය වෙනුවෙන් එකට වාසය නොකරන අයගේ ආදායම එක්කල හැක.
4 ඉතාලි හෝ
ඉතාලියේ රැදී සිටින යුරෝපා හවුලේ පුරවැසියන් අදාල ඉල්ලූම්
පත‍්‍රය තම ප‍්‍රදේශයේ INPS ආයතනය වෙත ඉදිරිපත් කල යුතු අතර
කාර්ත සර්ජෝර්නෝව ඇති විදේශිකයින් අන්තර්ජාලය ඔස්සේ අදාල පලාතේ
ප්‍රෙෆෙත්තූර ආයතනයට අනුබද්ධ ස්පොර්තෙල්ලෝ යුනිකෝ Sportello
Unico වෙත තම ඉල්ලූම් පත් ඉදිරිපත් කල යුතුය.
|
|
*
නියමිත යුරෝ 500 ගෙවීමට අදාල රිසිට් පත |
|
*
ස්වාමියාගේ පුද්ගලික අනන්‍යතාවය තහවුරු කිරීමේ හා
සුදුසුකම් තහවුරු කිරීමේ ලේඛණ |
|
*සේවකයා
ගේ විදේශ ගමන් බලපත‍්‍රය[ පාස්පෝට් හෝ අනන්‍යතාවය තහවුරු
කිරීමේ ලේඛණය] |
|
*ඔහුගේ
පුරවැසිභාවය දැනට නියැලී සිටින රැකියාවේ ස්වභාවය හා ගෙවීම්
පිළිබද තොරතුරු |
|
|
|
5
2009 සැප්තැම්බර් මස 1 දින සිට 30 දින දක්වා ඒ සදහා
ඉල්ලූම් කල හැකිය.
6 එසේ තමා
යටතේ සේවය කරණ බවට සහතික ඉදිරිපත් කරණ ඉල්ලූම් කරුවන් තමා
යටතේ සිටින එක් සේවකයෙකු වෙනුවෙන් යුරෝ 500ක මුදලක් ගෙවිය
යුතු අතර නීති ගතකල දින සිට සාමාන්‍ය ලෙස ගෙවීම් සිදුවනු
ඇත.
7 තමන්
ඉදිරිපත් කල ඉල්ලූම් පතට අනුව අදාල පලාතේ ප්‍රෙෆෙත්තූර [
Prefettura ] ආයතනයට අනුබද්ධ ස්පොර්තෙල්ලෝ යුනිකෝ ආයතනය
විසින් දැනුම් දුන් විටෙක මුලික ලේඛණ ඉදිරිපත් කිරීම හා
කොන්ත‍්‍රත්තෝ දි සර්ජෝර්නෝව අත්සන් කිරීම කල යුතු අතර
එතැන් සිට පැය 24ක් ඇතුලත ඔහු හෝ ඇය සේවයේ පිහිටුවීම
පිළිබද ඉන්ප්ස් [ INPS ] ආයතනය දැනුවත් කල යුතුය.
8 මෙම
යෝජනාව නීතිගත වූ දින සිට එය අවසන් වන දින දක්වා කාලය තුල
ස්වාමියා හෝ සේවකයා සම්බන්දයෙන් සාමාන්‍ය නීතිය
ක‍්‍රියාත්මක නොවන අතර පොදු සමා කාලයක් ලෙස එය ප‍්‍රකාශයට
පත්කෙරෙණු ඇත. විශේෂයෙන් විදේශිකයින් අත්අඩංගුවට ගැනීම හෝ
පිටුවහල් කිරීම හා ස්වාමියාට එරෙහි නීතිමය කටයුතු කිරීම
සිදු නොවනු ඇත.
9 2007
ඔක්තෝබර් 30 හා 2008 දෙසැම්බර් ඉදිරිපත් කල දෙක්රෙත්තෝ
ෆ්ලූස්සි [ Decreto Flussi ] වෙනුවෙන් තාවකාලික නොවන ස්ථීර
රැකියා පදනම යටතේ ගෘහ හෝ උපස්ථාන සේවා සදහා ඉල්ලූම්පත්
ඉදිරිපත් කල ස්වාමීන්ට තමා ඉල්ලූ සේවකයා මේ වන විට ඉතාලිය
තුල සිටී නම් අදාල පලාතේ ස්පොර්තෙල්ලෝ යුනිකෝ ආයතනයට ඒ බව
දැනුම් දීමෙන් ඔහු හෝ ඇය වෙනුවෙන් කොන්ත‍්‍රත්තෝ දි
සර්ජෝර්නෝව අත්සන් කර රැකියාව ස්ථීර කල හැකිය
10 අදාල
කාලය තුල ඉල්ලූම් පත් ඉදිරිපත් නොකරන සුදුසුකම් සම්පුර්ණ
නොකරණ හෝ ඉවත් කරණ අය සදහා දඩුවම් කි‍්‍රයාත්මක නොවන අතර
විදේශිකයින් පිටුවහල් කිරීමටද ලක් නොවනු ඇත.
11 කිසියම්
විදේශිකයෙකු මීට පෙර අවස්ථාවක ඉතාලිය තුලදී අත්අඩංගුවට
පත්වී හෝ පිටුවහල් වීමේ නියෝග ලැබී හෝ ඇති අයෙකු නම් එම
තත්වය මෙයට බාධාවක් නොවන අතර කිසියම් බරපතල වරදකට දඩුවම්
ලැබූ අයට එහි ප‍්‍රතිපාදන බලපානු ඇත.
12 ස්වාමියා
හෝ සේවකයා ඉදිරිපත් කරණ කරුණු සත්‍ය හා නිවැරදි විය යුතු
අතර එසේ නොවන අවස්ථාවක ඒ වෙනුවෙන් දඩුවම් ලැබිය හැකි බව
දැන ගත යුතුය.
13 අදාල
කටයුතු අවසන් කර නියමිත ලේඛණ තැපැල් කිරීමෙන් පසු ඉතාලිය
තුල සර්ජෝර්නෝව නිකුත් කිරීමේ සාමාන්‍ය ක‍්‍රියා පටිපාටියට
අනුව විදේශිකයා වෙනුවෙන් සර්ජෝර්නෝව නිකුත් කෙරෙණු ඇත.
|
අපේ අවධාරණය
ඉතාලිය තුල රැදී සිටින වීසා [පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝ]ව
නැති විදේශිකයින්ට මෙයින් වීසා ලබා ගැනීමේ අවස්ථාව උදා
වුවත් ඉතාලි ආණ්ඩුවේ මූලික අරමුණ වන්නේ මානුෂීය හේතු හෝ
මූලික මිනිස් අයිතිවාසිකම් ගැන සිතා ඒවා අහිමිවී දුක්ඛිත
තත්වයන් යටතේ ඉතාලියට සේවය කරන විදේශිකයින් එම තත්වයෙන්
මුදවා ගැනීම නොව නීති විරෝධීව ඉතාලියේ රැදී සිටින්නන්
අපරාධ කරුවන් ලෙස සලකන Legge Sicurezza [ ආරක්ෂාව පිළිබද
නීති සංසෝධනය] ක‍්‍රියාත්මක කිරීමට පෙර එහි දඩුවමට ලක්විය
හැකි ඉතාලි ජාතිකයින් ඉන් මුදවා ගැනීමේ වුවමනාවට අනුව බව
අවධාරණය කල යුතුය. එය සනාත කිරීමේ ප‍්‍රධාන සාධකයක් ලෙස
සේවාදායකයින්ට පනවා ඇති වාර්ෂික ආධායම යුරෝ 20000 ට අඩු
නොවිය යුතුය යනාදී විශේෂ කොන්දේසි සාක්ෂි දරයි. එමෙන්ම
දැනටමත් සම්මත කර ජනාධිපති වරයාගේ අත්සන සහිත අනුමැතිය
බලාපොරොත්තුව සිටින ඉහත දැක්වූ Legge Sicurezza [ ආරක්ෂාව
පිළිබද නීති සංසෝධනය] තුල අඩංගු කරුණු සැලකිල්ලට භාජනය
කිරීම ප‍්‍රමානවත් වන අතර ඒ පිළිබද තොරතුරු වෙනම පල කරමු.
වසර 10 කට ආසන්න කාලයක් ඉතාලිය තුල සිටින අනවසර රැදී
සිටින්නන් වෙනුවෙන් අවසරපත් ලබාදීමේ අවස්ථාවක් උදා නොවු
අතර මේ අවස්ථාව එවන් බොහෝ දෙනෙකුට සතුට ගෙන දෙනු ඇත. ඒ
නිසා මෙයින් තමන්ගේ අවස්ථාව උදා කරගන්නට නම් දැන් දැන්ම ඒ
සදහා සූදානම් විය යුතුය.
තමන් වෙනුවෙන් ඉල්ලූම් කල හැකි සුදුසුකම් ඇති ස්වාමියෙකු
සොයා ගැනීම පලමු කරුණ වන අතර විදේශ ගමන් බලපත‍්‍රය සූදානම්
කර ගැනීම ඊලග කරුණ වේ. තමන් සතුව දැනටමත් ගමන් බලපත‍්‍රයක්
ඇත්නම් එය 2009 මාර්තු 30ට පෙර නිකුත් කර ඇත්නම් ඉන්
මාර්තු 30ට පෙර ඉතාලියට ඇතල්වී ඇත්නම් හා එය තවදුරටත්
වලංගුනම් එය ප‍්‍රමානවත් වේ. එසේ නොමැති අය අලූතින් ගමන්
බලපත‍්‍රයක් ලබා ගත යුතු අතර එහිදී රෝමයේ ශී‍්‍ර ලංකා
තනාපති කාර්යාලය ඒ සදහා අවශ්‍ය ප‍්‍රතිපාදන සලසනු ඇතැයි
බලාපොරොත්තු වෙමු. විශේෂයෙන්ම නිකුත් කල දිනය හා ස්ථානය
අදාල කටයුතු වලට බාධාවක් නොවන ලෙස නිකුත් කිරීමට ඔවුන්
කටයුතු කරණු ඇත.
එකම රටක එකම කොන්දේසි යටතේ ජීවත්වන වීසා නැති අයගෙන් එක්
කොටසකට පමණක් මෙම අවස්ථාව ලබා දීම කෙතරම් සුදුසුද යන්න
අදාල බලධාරීන් කල්පනා කල යුතු අතර එම අවස්ථාව අහිමිවන
විදේශිකයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිය යුතු බව
අපේ හැගීම වන අතර ඒ වෙනුවෙන් ප‍්‍රබල හඩක් නැගීමට ඔවුන්
සමත්වේ නම් ඒ අවස්ථාව හිමිකර ගැනීමට හැකිවනු ඇත. මෙහිදී
අවධාරණය කල යුත්තේ තම තමාගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන්
වෙන් වෙන්ව පෙනීසිටීමට උත්සහ කරණවාට වඩා සාමුහිකව කටයුතු
කිරීම තුලින් වීසා ඇති නැති අලූත් පරණ අප කාගේත් අයිතීන්
දිනාගැනීමට ඇති ඉඩ කඩ වැඩි බවයි.
|
 |