::  SPECIALE  ::  

ඉතාලි ආණ්ඩුවේ අසාධාරණයන්ට එරෙහිව රෝමයේ පැවැත්වූ උද්ඝෝෂණය

ඉතාලි ආණ්ඩුවේ ජාතිවාදී උන්මාදයට පිලිතුරු දෙන්නට, මානව විරෝධී අසාධාරණ නීති පරදවන්නට, ජාතිවාදයටත් ෆැසිස්ට්වාදයටත් එරෙහි උද්ඝෝෂණය 2009 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා රෝමයේදී පැවැත්විය. ජාතිවාදයට එරෙහි සංවිධාන ජාලය, වෘතීය සමිති සංවිධාන, විදේශිකයින්ගේ සංවිධාන, ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුව, ඉතාලි ශී‍්‍ර ලංකා සහයෝගිතා සංවිධානය එක්ව සංවිධානය කල මෙම ජාතික උද්ඝෝෂණයට ඉතාලියේ සෑම නගරයකින්ම ජනතාව එක්වූහ.

Manifestazione antirazzista Roma 17 Ottobre 09
CLICK ON THE IMAGE TO SEE ENLARGED
 
ඉතාලිය පුරා ජාතික මට්ටමින් කැඳවා තිබූ මෙම උද්ඝෝෂණයට විදේශිකයින් සහ සංවිධාන වල සහභාගීත්‍වය ඉතාම ඉහළ මට්ටමක තිබූ අතර, ශ්‍රී ලාංකිකයින් නියෝජනය කරමින් විවර ගුවන් විදුලිය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ගමන් කරනු දක්නට ලැබිණි.

jv