::::  SPECIALE  ::::  

ඉතාලි ආණ්ඩුවේ අසාධාරණයන්ට එරෙහිව විරෝධතා රැසක්

රෝමයේදී..

ඉතාලි ආණ්ඩුවේ ජාතිවාදී උන්මාදයට පිලිතුරු දෙන්නට,මානව විරෝධී අසාධාරණ නීති පරදවන්නට,ජාතිවාදයටත් ෆැසිස්ට්වාදයටත් එරෙහි සියලූ බලවේගයන්ගේ එකමුතුවෙන් සංවිධානය කරණු ලබනජාතික මහා උද්ඝෝෂණය..

2009 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා .. 2:30 සිට රෝමයේදී...

 


* දිංචි සහතික නිකුත් කිරීමේදී, නගර සභා [කොමුනෙ’- Comune ] අනුගමනය කරන  අසමාන ලෙස සැලකීමේ ක්‍රියාවළියට විරෝධය දැක්වීමේ පුවත්පත් සාකච්ඡා හා සංකේත විරෝධතාවය..!!

2009 ඔක්තෝබර් මස 8  වෙනි බ්‍රහස්පතින්දා දහවල් 12:30ට බ්‍රෙෂියා නගර ශාලාවේදී ...


* දේශිකයා පහත්කොට සලකමින්, අයිතිවාසිකම් කප්පාදු කරමින්, අසාධාරණ ලෙස දඩ ගසමින්, ලේග ලොම්බාර්දා [ Lega Lombarda ] පක්ෂයේ දේශපාලන බලය සහිත බ්‍රෙෂියා හා වෙනත් නගරසභා/ප‍්‍රාදේශීය ආයතන ගෙනයන, අසාධාරණ පාලනයන්ට එරෙහිව, සිය අයිතිවාසිකම් දිනා ගැනීමේ විරෝධතා ව්‍යාපාරය, 

2009 ඔක්තෝබර් මස 10 වන සෙනසුරාදා සවස 3.00 සිට බ්‍රෙෂියා පියස්ස ලොජ්ජා හිදී ...


*තාලි ආණ්ඩුවේ ජාතිවාදී උන්මාදයට පිලිතුරු දෙන්නට, මානව විරෝධී අසාධාරණ නීති පරදවන්නට, ජාතිවාදයටත් ෆැසිස්ට්වාදයටත් එරෙහි සියලූ බලවේගයන්ගේ එකමුතුවෙන් සංවිධානය කරණු ලබන

 ජාතික මහා උද්ඝෝෂණය 

2009 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා ප.ව. 2.30 සිට රෝමයේදී ...

ජාතිවාදයට එරෙහි සංවිධාන ජාලය, වෘතීය සමිති සංවිධාන, විදේශිකයින්ගේ සංවිධාන, ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුව, ඉතාලි ශී‍්‍ර ලංකා සහයෝගිතා සංවිධානය එක්ව සංවිධානය කරන මෙම ජාතික උද්ඝෝෂණයට ඉතාලියේ සෑම නගරයකින්ම ජනතාව එක්වන අතර, බ්‍රෙෂියා නගරයේ සිට පිටත්වන බස්රථය සඳහා යුරෝ 10ක් පමණක් අයකෙරේ.

 ඔක්. 17 සෙනසුරාදා පෙ.ව. 5.30ට ඉවෙකෝ රථගාල [ Parcheggio IVECO ] අසලින් සහ පියස්ස රිපුබ්ලිකා [ Piazza Ripubblica ] වලින් බස්රථ පිටත්වන බව දැනුම් දෙමු.

ඒ සඳහා සූදානම් කිරීමේ විරෝධතාවයන් රාශියක් විවිධ නගරවලදී පැවැත්වෙන අතර, බ්‍රෙෂියා නගරයේ විරෝධතාවය ඔක්. 10 වන සෙනසුරාදා සවස 3.00ට පියස්ස ලොජ්ජා හිදී පැවැත්වෙන බවද දැනුම් දෙමු. උද්ඝෝෂණයට  සහභාගිවීමෙන් හෝ සහභාගිවිය නොහැකි වේනම් ඒ වෙනුවට වෙනත් අයෙක් සහභාගි කරවීමෙන් හෝ බස් රථයට යන වියදම පියවීමට ආධාර මුදලක් ලබාදීමෙන්, ඔබට මේ සඳහා දායකවිය හැකි බවද මතක් කර සිටිමු.