Simply beautiful.

iïuka;%Kh [ HOVER THE IMAGE TO VIEW BETTER ]

Regolarizzazione di Colf e Badanti

wdrlaIdj i`oyd kS;s ixfYdaOkh- Legge Sicurezza
ඉතාලිය තුල නීති විරෝධීව රැදී සිටින විදේශිකයින් අපරාධකරුවන් බවට සලකන අපරාධ නීතිය යටතේ දඩුවම් දීමට හැකි අයුරින් නව නීති ඉදිරිපත් කිරීමත් ඊට අමතරව දැනටමත් නීතියානුකූලව ඉතාලියේ රැදී සිටින්නන් වෙනුවෙන් නව නීති ගෙන ඒමත් මේ මගින් සිදු කර ඇත.
එය ඉතාලියතුල රැදී සිටින වීසා ඇති නැති අලූත් පරණ කාටත් එකසේ බලපාන කාටත් එකසේ පීඩා ගෙන දෙන්නක් වන අතර ඉන් සිදුවන නව වෙනස්වීම් මොනවාද යන්න ඔබ දැනුවත් කිරීම මෙහි අරමුණයි.
 

 

 

වීසා නොමැතිව ඉතාලියේ සිටින්නන් මින් පෙර අපරාධකරුවන් ලෙස නොසැලකූන අතර ඔවුන්ට බලපෑවේ සිවිල් නීතියයිං එහෙත් මින් ඉදිරියට එසේ සිටින්නන් අපරාධකරුවන් ලෙස සැලකෙන අතර අපරාධ නීතිය යටතේ දම් පමුණුවනු ඇත ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමත් පසුව රැදවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමත් අනන්‍යතාවය තහවුරු කර ඔවුන් පිටුවහල් කිරීමත් ඊට අයත් වනු ඇත එසේ නොවන විට කාලය අවසන් වූ පසු මුදා හැරීමට සිදුවන අතර නැවත නැවතත් මේ කාර්ය එක් අයෙකුට අත්විදින්නටද සිදුවනු ඇත.

 

 

සර්ජෝර්නෝව ඇති අයට එහි කාලය දීර්ග කරවා ගැනීමේදී මින් ඉදිරියට දැනට ගෙවන යුරෝ 72 ට අමතරව යුරෝ 80 සිට 200 දක්වා මුදලක් ගෙවීමටද සිදුවනු ඇත.

 

 

සර්ජෝර්නෝවේ කාලය දීර්ග කරවා ගැනීමේදී දින 60 කට පෙර ඉල්ලූම් කිරීම අනිවාර්යය වේ.

 

 

අනිවාර්යයෙන්ම සර්ජෝර්නෝව තිබෙන අය ගමන් බිමන් යාමේදී පාස්පෝට් එක සහ සර්ජෝර්නෝව ලග තබා ගත යුතුවේ එය ලග නොතිබෙන අවස්ථාවක යුරෝ 2000ක (දෙදහසක දඩයකට යටත් කෙරෙනු ඇත

 

 

සර්ජෝර්නෝවට ලකුණු ක‍්‍රමයක් හ`දුන්වා දෙන අතර සමාජයට අනුගත වීමේ ක‍්‍රියාවළියකටද යටත් කෙරෙණු ඇත. එයින් ලබන ප‍්‍රගතිය අනුව ලකුණු ලැබීම හෝ කැපීම සිදුවන අතර ලකුණු අවසන් වීමෙන් සර්ජෝර්නෝව අහිමි වනු ඇත.

 

 

කාර්ත සර්ජෝර්නෝව ඉල්ලූම් කිරීමේදී ඉතාලි භාෂා පරීක්ෂණයකට ලක්කෙරෙන අතර එයින් අසමත් වුවහොත් කාර්ත සර්ජෝර්නෝව නොලැබෙනු ඇත.

 

 

පදිංචි සහතිකය Residence ඉල්ලූම් කිරීමේදී ඉදොනෙයිතා Idoneita’සහතිකය අනිවාර්යය කර ඇත

 

 

සර්ජෝර්නෝව දීර්ගකරවා ගත් පසු මාස6 ක් ඇතුලත අදාල කොමුනයට එය ඉදිරිපත් කල යුතු අතර එසේ නොවුනහොත් Residence අවලංගු වනු ඇත.

 

 

ඉතාලි පුරවැසිභාවය ඉල්ලූම් කිරීමේදී යුරෝ 200ක මුදලක් අයකෙරේ.

 

මීට අමතර තවත් කාරණාද ඇතුලත් කර විදේශිකයින් වෙනුවෙන් ඉතාලි පාර්ලිමේන්තුවේ සහ සෙනෙට් සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත කර ජනාධිපති වරයාගේ අත්සන සහිත අනුමැතියට ඉදිරිපත් කර තිබෙන මෙම නීතිය එම අත්සන තවම යොදා නොමැති කම නිසා ක‍්‍රියාත්මක වී නැත. මෙහි අඩංගු යම් කරැණු සදහා ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බව ඊට හේතුවී ඇතැයි අදහස් පලවී ඇති අතර, මෙවැනි අවස්ථාවක සංසෝධන ඉදිරිපත් කිරීමට සිදුවුවහොත් නැවත පාර්ලිමේන්තුවේත් සෙනෙට් සභාවේත් අනුමැතියත් ජනාධිපති වරයාගේ අත්සන සහිත අනුමැතියත් අවශ්‍යවේ. මේ ආකාරයෙන් දෙවරක් සිදුවිය හැකි අතර තුන්වන වර ජනාධිපති වරයා අනිවාර්යයෙන්ම අත්සන සහිත අනුමැතිය ලබා දිය යුතුවේ. කෙසේ වෙතත් දනට තිබෙන තත්වය අනුව විදේශිකයින් පීඩාවට පත්කෙරෙන කොන්දේසි යම් ප‍්‍රමාණයකට හෝ ඉවත්වේයැයි බලාපොරොත්තු වන අතර මෙම නීති පරාජය කිරීම සදහා තව දුරටත් අරගල කල යුතු බවද අවධාරණය කරමු.
පැරණි කාර්ත සර්ජෝර්නෝව තිබෙන අය එය වසර 5කට වඩා පැරණි නම් අලූත්කරවා ගැනීම කල යුතු බව දැනුම් දෙන අතර ඉහත දැක්වූ නීති සම්මත වී ක‍්‍රියාත්මක වීමට පෙර එම කාර්ය සිදුකර ගැනීම යෝග්‍ය වේ. එය ක‍්‍රියාත්මක වූ පසු එහි කොන්දේසි වලටද යටත් වනවාට අමතරව ඉදිරියේදී විදේශ ගමන්වලදී හිරිහැර බාධක ඇතිවීමටද ඉඩ තිබෙන බව මතක් කරමු.