::::  SPECIALE  ::::   Regolarizzazione di Colf e Badanti 2009

Simply beautiful.

iïuka;%Kh [ HOVER THE IMAGE TO VIEW BETTER ]

Regolarizzazione di Colf e Badanti

ඉතාලිය තුල ගෘහ සහ උපස්ථාන සේවකයින් නීතිගත කිරීම ඇරඹේ.

    සැප්තැම්බර් 01 සිට 30දක්වා කාලය තුල ගෘහ සහ උපස්ථාන සේවයේ යෙදී සිටින අය නීතිගත කිරීම ඉතාලි රජය ආරම්භ කර තිබෙන අතර අගෝස්තු 21 සිට ඊට අදාල යුරෝ 500ක මුදල ගෙවීමේ ඉඩකඩ විවර කර ඇත. මේ අවස්ථාව සැප්. 30 දක්වාම සිදුකල හැක. ඉල්ලූම්පත් යොමු කිරීම අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අතර එය පුද්ගලික පරිඝණකයෙන් තමන්ටම හෝ සේවා සපයන වෘතීය සමිති ආයතනයන්ගෙන් නොමිලේ ඉටුකරවා ගත හැක.මෙහිදී විශේෂයෙන් අවධාරණය කල යුත්තේ 2009 අප්‍රේල් 1 දිනට ඉතාලියේ සිටි හෝ එදින වන විට සිටි බවට තහවුරු කල හැකි අයට පමණක් ඉඩ කඩ ලැබෙන අතර ඒ වෙනුවෙන් කිසියම් ස්වාමියෙක් ඉදිරිපත් වන්නේනම් පමණකි. මෙහිදී ලංකාවේ සිටින අයට පහසුවෙන් මේ ඔස්සේ වීසා ලබාගත හැකිය යන මිත්‍යාවට නොරැවටෙන ලෙසත් අනවශ්‍ය ලෙස තම මුදල් හා ජීවිත අවධානමට ලක් කරනොගන්නා ලෙසත් අවධාරණය කර සිටිමු.
 

අවශ්‍යවන ලිපි ලේඛන

සේවකයා ඉතාලි හෝ යුරෝපා ජාතිකයකු නොවන අවස්ථාවක [ Extracomunitario ]

සේවකයා ඉතාලි හෝ යුරෝපා ජාතිකයකු නොවන අවස්ථාවක [ Italiano oComunitario ]

 

ස්වාමියා විසින් සූදානම් කර ගත යුතු ලිපිලේඛන

* යුරෝ 14.62ක මුද්දරයක්
* යුරෝ 500ක මුදල ගෙවු එෆ් 24 රිසිට්පත

තම අනන්‍යතාවය තහවුරු කෙරෙන වලංගු ලේඛණයක් සහ කෝදිචෙ ෆිස්කාලෙ [ Codice Fiscale ]අංකය


ස්වාමියා විදේශිකයෙකු නම් කාර්තදි සර්ජෝර්නෝව හෝ එය අලූත් කිරීම සඳහා භාරදී ඇත්නම් එහි රිසිට්පත

      ගෘහ සේවය සඳහා එක් සේවකයකු පමණක් ඉල්ලූම් කල හැකි අතර ඉල්ලූම් කරු තනි ආදායම් ලාභියෙකුනම් වාර්ෂික අවම ආදායම යුරෝ 20000ක්ද පවුලේ වෙනත් අයෙකුගේ ආදායම එක්කල විට වාර්ෂික අවම ආධායම යුරෝ 25000ක්ද විය යුතුය.
උපස්ථාන සේවය සඳහා උපරිම සේවකයින් දෙදෙනෙකු වෙනුවෙන් ඉල්ලූම් කල හැක. ඒ සඳහා වෛද්‍ය සහතිකයක් තිබිය යුතු අතර එහිදී 2009-04-01 දින සිට එම සේවය අවශ්‍ය බවට සහතිකයේ සඳහන් විය යුතුය.
සේවකයින් දෙදෙනෙකුගේ සේවය අවශ්‍යනම් ඒ බව සහතිකයේ සඳහන් විය යුතු අතර සේවා කාලය සතියකට අවම පැය 20ක් විය යුතුය.
 

සේවකයා විසින් සූදානම් කර ගත යුතු ලිපිලේඛන

ස්ථීර හෝ තාවකාලික විදේශ ගමන් බලපත්‍රය

 

ස්වාමියා විසින් සූදානම් කර ගත යුතු ලිපිලේඛන

* යුරෝ 500ක මුදල ගෙවු එෆ් 24 රිසිට්පත

තම අනන්‍යතාවය තහවුරු කෙරෙන වලංගු ලේඛණයක් සහ කෝදිචෙ ෆිස්කාලෙ [ Codice Fiscale ]අංකය


ස්වාමියා විදේශිකයෙකු නම් කාර්තදි සර්ජෝර්නෝව හෝ එය අලූත් කිරීම සඳහා භාරදී ඇත්නම් එහි රිසිට්පත


සේවකයා විසින් සූදානම් කර ගත යුතු ලිපිලේඛන

සේවකයාගේ අනන්‍යතාවය තහවුරු කෙරෙන වලංගු ලේඛණයක් හෝ විදේශ ගමන් බලපත්‍රය

අපේ අවධාරණය

මෙම නීතිගත කිරීමේ අවස්ථාව පිළිබඳ අප මීට පෙරද කරුණු ඉදිරිපත් කල අතර විශේෂයෙන්ම මෙය විදේශිකයින්ට ලැබුනු වාසනාවන්ත අවස්ථාවක්ය යන මතය දැඩිව බැහැර කරමු. ඒ වෙනුවට මෙය කිසිසේත්ම සාධාරණ නොවන අසමානතා රැසක් නිර්මාණය කරන සහ බොහෝ විදේශිකයින් අපහසුතාවයන්ට ලක්කෙරෙන ණය කරුවන් බවට පත්කරන මානුෂීය නොවන ක්‍රියාවළියක් බව නැවතත් ප්‍රකාෂ කරමු.
අප දරණ මතය නිවැරදි බව මෙය ක්‍රියාත්මක මේ අවස්ථාවේදී තවදුරටත් ඔප්පුකරමින් ඇත. තවද ඉහත අංක 2 න් දක්වා තිබෙන කාරණය එනම් සේවකයා ඉතාලි හෝ යුරෝපා ජාතිකයකු වන අවස්ථාවක මෙම විශේෂ අවස්ථාව යොදාගන්න්නට දී ඇති ඉඩකඩ කිසිසේත්ම අර්ථයක් නැති එකක් බව ඔබටම වැටහෙනවා ඇත.
 

මන්ද නීතිය යටතේ පසුගිය කාලවලට අදාල දඩ ගෙවීමකින් තොරවම ඕනෑම අවස්ථාවක එවැනි සේවකයෙකු සේවයට ගන්නට හැකියාව සැමදාම පවතින හෙයිනිග එම අවස්ථාව නැත්තේ ඉතාලියේ රැඳී සිටීමට අවසර නැති විදේශිකයින්ට පමණක් හෙයින් මෙය අර්ථ විරහිත කාරණයක් පමණක් නොව ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශණය කිරීමක්ද වේ.
විශේෂයෙන්ම මෙම නීතිගත කිරීමේ අවස්ථාව ක්ෂේත්‍ර දෙකකට පමණක් ලබාදීම තුල වෙනත් ක්ෂේත්‍රයන්හි සේවකයින් අසරණයින් බවට පත්කර ඇති අතරම ඒ සියල්ලන්ටම ගෘහ හෝ උපස්ථාන සේවකයින් ලෙස පෙනී සිටීමට බල කර තිබේ. ඒ නිසාම නීති විරෝධී ලෙස අදාල ලේඛන ඉදිරපත් කිරීමටද ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයන් ගෙවීමටද ඔවුන්ට සිදුවී ඇත. තවද ස්වාමියාගේ අවම වාර්ෂික ආදායම යුරෝ 20000 ක් ලෙස පනවා ඇති කොන්දේසියත් ස්වාමීන් කීප දෙනෙකුට එක්ව කෙනෙකු සේවයට යොදාගන්නට අවස්ථාව ලබා නොදීමත් යන කරුණු නිසා බොහෝ අයට දැනට තමන් රැකියා කරන ස්ථානයන්ගෙන් වත් තම අවශ්‍යතාවය ඉටුකරගන්නට අති ඉඩකඩ අහුරා ඇත.
ඒ වගේම විදේශ ගමන් බලපත්‍ර සම්බන්දවත් විදේශ ඇමතිවරයාගේ ප්‍රකාෂය සම්බන්දවත් අප කලින් ඉදිරිපත් කල කාරනා වලට අදාලව විවිධ පිලිතුරු ලැබී තිබුනත් අප ඉදිරිපත් කල කාරණා කිසිවක් නිශේදවී නැති බවද අවධාරණය කරමු. පුංචි නිදසුනක් ඉදිරිපත් කරන්නේ නම් අප අවට රටක් වන පාකිසතාන් තානාපති කාර්යාලය නව ගමන් බලපත්‍රයක් මසකින් ලබාදීමට යුරෝ 40 ක්ද දින 15 කින් ලබා දෙන්නට යුරෝ 70 ක්ද නැතිවූ ගමන් බලපත්‍රයක් වෙනුවෙන් යුරෝ 80 ක්ද දෙවරක් නැතිවූ එකක් වෙනුවෙන් යුරෝ 160 ක්ද ලෙස අයකිරීම් කරණ අතර අප රටේ වර්ථමාන නායකයින් බොහෝ අවස්ථාවන් වල තම පරමාදර්ෂය බවට පත්කරගෙන තිබෙන ඉන්දියාව එහි ඉතාලි තානාපති කාර්යාලය මගින් අය කරන්නේ නව ගමන් බලපත්‍රයක් වෙනුවෙන් යුරෝ 68 ක්ද නැතිවූ එකක් වෙනුවෙන් යුරෝ 170 ක්ද ලෙසය. මෙහිදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යුරෝ 326 ක් අයකිරීම හා එය සාධාරණීකරනය කිරීමට ප්‍රශයේ සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල අයකෙරෙන ගනන් ඉදිරිපත් කර තිබීම සාධාරණ වන්නේ විදේශ අමාත්‍යංශයට අය වැයෙන් වසරකට වෙන්කෙරෙන මුදල් මාස 6කින් අවසන් කරණ තම පෞද්ගලික උත්සව බිල් ගෙවීම සඳහා තානාපති කාර්යාල වලට නියම කෙරෙන ලෝකයේ වියදම් අධික හොටෙල් වල නවාතැන් ගන්නා දේශපාලකයින් ඉන්නා අපේම රටට අදාලව මිස ආසියාවේ අප්‍රිකාවේ හෝ ලතින් ඇමරිකාවේ අප වැනි රටවලට අදාලව නම් නොවන බවද සඳහන් කරමු.