|
ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය ඉතාලිය පුරා විහිදුනු සංවිධානයක්
වන අතර ඵහි මූලස්ථානය ඉතාලියේ බ්‍රේෂියා නගරයේ පිහිටා ඇත. වසර ගණනාවක්
පුරා ඉතාලියේ ස්ථාපිතව හි අනුසංවිධානයන් හා සම්බන්ධවෙමින් සමාජ
සංස්කෘතික හා දේශපාලනික යන විවිධ අංශයන් හී නියැළුනු සංවිධානයක් ලෙස අද
ඉතා පුළුල් සංවිධාන රටාවකින් නිර්මිතය.
විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ලෙස තම මව් බිමේ අනන්‍යතාවය රැකගනිමින්
ඉතාලි සමාජය හා මිත්‍රත්වයෙන් කටයුතු කිරීම අපගේ අරමුණ වේ ඉතාලි ශ්‍රී
ලංකා සහයෝගිතා සංවිධානයට අනුබද්ධව ගොඩනැගී ඇති බහුජන සංවිධාන රාශියක්
විවිධ නගරයන් හී මේ වන විට ක්‍රියාත්මක වන අතර ඵ්වායේ ක්‍රියාකාරීත්‍වය
ඉතා ඉහල මට්ටමක පවතියි. තවද වෙරෝනා සහ බ්‍රේෂියා මිලානෝ යන නගරයන් හී
විධිමත් පුස්තකාල සේවාවක්ද වෙරෝනා හා බ්‍රේෂියා යන නගරයන් හී ළමා පාසල්
සේවාවක් ද බ්‍රේෂියා හා රෝමය මුල්කරගනිමින් සතියේ නිශ්චිත දිනයන් හී
පවත්වන ගුවන් විදුලි වැඩසටහන් දෙකක්ද පවත්වාගෙන යන අතරම ඉතාලිය තුල
අනෙකුත් විදේශීය සංවිධාන හා සම්බන්ධ වෙමින් විදේශිකයාගේ නෛතික හා
දේශපාලනික කාරණාවන් සඳහා සක්‍රියව මැදිහත් වන්නෙමු.
ඵමෙන්ම යාවත්කාලීනව අපගේ මව්බිම තුල වඩාත් අරුත්බර හෙට දිනක් වෙනුවෙන්
නිවැරදි සමාජ දේශපාලණික පසුබිමක් නිර්මාණය කරලනු සඳහා විදේශගත
ලාංකිකයාගේ සමාජ දැනුම වඩාත් ප්‍රශස්ථ මට්ටමකට ගෙනඵ්මේ අභියෝගාත්මක
කර්තව්‍යය ඇතුළු බහුවිද කර්තව්‍යයක අප නියැලී සිටින්නෙමු.
ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය ලෙස විවිධ නගරයන් හී සිදුකෙරෙන
විවිද කර්තව්‍යයන් මෙම වෙබ් අඩවිය තුලට ගොණු කිරීමට අප උත්සහ කරන්නෙමු.
ඵමගින් ඉතාලි ශ්‍රී ලංකා සංවිධානයේ අභිවෘධිය වෙනුවෙන් තම ශ්‍රමය හා
කාලය කැපකරමින් අපරිමිත සේවයක නියැලෙන සොයුරු සොයුරියන්ටද මෙමගින්
ශක්තියක් හා ධෛර්යයක් සැපයෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. |